Saturday, June 1, 2013
මූලික තොරතුරු පිටුව.....
1. Google Adsense කියන්නේ
?
Google
Search Engine එක ව්‍යාප්ත
වීමත් සමග
Google
Adword කියලා
වැඩසටහනක්
ආරම්භ කළා.Google Adword වෙත වෙලද දන්වීම්
ලබාදිය හැකි
අතර ඒවා Google Search Eninge එක ඔස්සේ ප්‍රචාරණය
කරන ලදි.මේ
තුලින් Google සමාගම විශාල
මුදල් උපයන
ලදි.ඒ අනුව මේ
ආදායම තව තවත් වැඩි
කරගැනීමේ
අරමුණින් Google සමාගම තෝරාගත්
ලෝකයේ හොදම
වෙබ් අඩවි කිහිපයකට
මෙම වෙලද
දැන්වීම්
ලබාදුන් අතර
එම වෙලද
දැන්වීම් ප්‍රචාරණය
කිරීම වෙනුවෙන්
එම වෙබ් අඩවි
වලට මුදල් ගෙවන
ලදි.ඒ Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව
ඕනම කෙනෙක්ට
වෙබ් හෝ බ්ලොග්
අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද
දැන්වීම් ප්‍රචාරණය
කිරීමට
අවස්ථාව
ලබාදෙන ලෙස
ඉල්ලා සිටිය
හැක.ඒ අනුව එම
වෙබ් බ්ලොග්
අඩවියේ ගුණාත්මක
භාවය
සැලකිල්ලටගෙන
ගූගල් සමාගම
තම හවුලට එම
වෙබ් අඩවිය
එකතු
කරගන්නවාද
නැද්ද යන්න
තීරණය කරයි.
2.Impression කියන්නේ
?
වෙබ් පිටුවකින්
වෙබ් පිටුවකට
යාමේදි එම වෙබ් පිටු
අතර ස්ථානගත
කර ඇති Ads Unit, Reload/Refresh වීමක්
සිදුවේ.මෙසේ එම Ads
Unit Reload වන එක
වාරයක් Impression එකක්
ලෙස සැලකේ.Google Adsenseහි ඇති
විශේෂත්වය
වන්නේ අපට
ලැබෙන Impression ගණනනටත්
මුදල් ගෙවීමයි.මීට
අමතරව CTR යන
පදයට සමාන
පදයක් ලෙස යම්
යම් තැන් වල
භාවිතා කළත් එහි නියම
අරුථ ඉහත
අරුථයි.
3.CTR එක
කියන්නේ ?
Impression
හා Clicks අතර
අනුපාතය ප්‍රතිශතයක්
ලෙස ගත්තාම
එයට CTR
එක ලෙස
හදුන්වනවා.Google
Adsense සතු ඵලපුරුද්ද
අනුව සාමාන්‍යයෙන්
Impression
40කට එක Click එකක් Click වන
බව
ඔවුන්
දනී.ඒ අනුව Impression 400කට Ad
10ක් Click විය
හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad
40ක් Click විය
නොහැකි බව
ඔවුන් දනී.ඒ
අනුව CTR එක 8-10%කට වඩා වැඩි
ගිණුම ව්‍යාජ
ගිණුම් ලෙස
සලකා ඒවා
අවලංගු කරනු ලැබේ.එම නිසා
සෑම විට CTR එක
5%ට වඩා
අඩුවෙන් තියා
ගන්න උත්සාහ
කරන්න.
4.CPC එක
කියන්නේ ?
ඔබගේ Impression හා Clicks
අනුව Impression
1,000 කදී ඔබ
උපයන මුදල CPC එක ලෙස ගණනය
කර පෙන්වනු
ලැබේ.මෙය $10-15 අතර තියේ නම්
වඩා සුදුසුය.මොකද
එවිට අපිට ඉහල
ආදායමක්
ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට
නම් ඔබේ එක Click එකකට ලැබෙන
මුදල ඉහල
අගයක් ගත
යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්‍රේලියානු
Click
සදහා
වැඩි මුදලක් ගෙවයි.ඔවුන්
වැඩිපුර අපේ
බ්ලොග් කරා
ගෙන්වා ගත
හැකි නම් හෝ
ඔබට High
Paying Key Words යටතේ
ලිපි ලිවිය
හැකි නම් ඔබට
ඉහළ ආදායමක්
ලබාගත හැක.
5.High Paying Key Words කියන්නේ
?
වැඩිම
මිලකට
විකිණෙන වෙලද
දැන්වීම් වලට අදාල Keywords නිකුත්
කරනු
ලැබේ.මේවා
සොයා ගැනීමට
අවශ්‍ය නම්
ඔබට Google
Search කිරීම
මගින් සොයාගත
හැක.යම්කිසි
කෙනෙක් වෙබ්
පිටුවකට
පැමිණි විගස එම
විසිටර්ගේ රට
සහ ඔහුගේ Cookies හරහා ඔහු
සොයන ලද දේවල්
ගැන සහ එම
වෙබ් පිටුවේ
අඩංගු වචන වලට
ගැලපෙන
ආකාරයට වෙලද
දැන්වීම්
දිස්වනු ඇත.එම
නිසා අප කළ යුත්තේ High Paying Key
Words යොදාගෙන
ලිපි අපේ
බ්ලොගයේ
ලිවීමයි.
6.Google Terms මොනවාද?
Google
Terms 18ක්
තිබුණාට
ඒවායින් ඔබ දැනගත
යුත්තේ
කිහිපයකි.ඕනම
වෙලාවක ගිණුම
අවලංගු
කිරීමේ හැකියාව Google සමාගමට ඇති
බව ආදී
වැල්වටාරම්
රාශියක් තිබෙනවා.නමුත්
ඔබ දැන ගත
යුත්තේ පහත
නීති රීති
පමණි.
A.ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.මුදල් ගෙවා
හෝ නොගෙවා Ad Click කරවා ගැනීම
වරදකි.
C.Impression
or Clicks ලබා දීමට
බලකිරීම,ඉල්ලීම්/ආයාචනා
කිරීම, වරදකි.එසේ
සිදුකරන ලෙස
ඉල්ලා Email යැවීම
හෝ බ්ලොගයේ
පලකිරීම
වරදකි.
D.එකවර
එක්කෙනෙක්ට Google
Adsense ගිණුම්
දෙකක් සක්‍රීයව
තබාගත නොහැක.
7. Google Adsense Disable වෙන්න
හේතු මොණවාද?
ඉහත
සදහන් කළ ඕනම
නීතියක් කඩ කර
ඒ බව Google
Adsense විසින්
හදුනාගතහොත්
ඔවේ ගිණුම Disable වේ.
8.Google Adsense Disable වූ
පසු නැවත
ගිණුමක්
සාදාගත හැකිද?
බොහෝ
පිරිසක් තුල
මතයක්
තියෙනවා එක
පාරක් Adsense Disable වුණා
කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ
නමට,ලිපිනයට ආයේ ගිණුමක්
ලබාගත නොහැකි
බවයි.නමුත්
එසේ නොමැත.ඔබේ
ගිණුම Disable වූයේ
නම් ඔබට
නැවත Adsense වෙත
අයදුම් කළ
හැක.ඔබ කළ
යුත්තේ
අලුතින් Gmail ගිණුමක් සකසා හොද
බ්ලොග් එකක්
සකසා නැවත Adsense ඉල්ලීමයි.
9.Adsense ගන්න
Toplevel/Full Domain එකක්
ඕනද?
නැත.ඔබේ
බ්ලොගයේ
ගුණාත්මක
භාවය හොදයි
නම් ,blogspot.com/.wordpress.com
ආදි
වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම්
හිමිවේ.
10.Adsense මගින්
උපයන මුදල්
ලංකාවට
ගෙන්වා ගන්නේ
කෙසේද?
ඔබේ
ගිණුමේ $100 පිරුණු
පසු ඔබේ
නිවසටම චෙක්
පතක් මගින්
මුදල් එවනු
ලැබේ.
11.Google Adsense මගින්
කොපමණ මුදලක්
ඉපයිය හැකිද?
Google
Adsense හරහා ඔබ
උපයන මුදල
තීරණය වන්නේ
ලැබෙන Clicks මතයි.ලැබෙන
Clicks
ගණන
තීරණය වන්නේ
බ්ලොගයට එන Visitorsලා ගණන
අනුවයි.එම
නිසා ඔබේ
බ්ලොගයට
පැමිණෙන විසිටර්ස්ලා
ගණන අනුව තමා Earnings තීරණය
වන්නේ.
12.බ්ලොගයට
වැඩිපුර Visitorsලා
ගෙන්වා ගන්නේ
කොහොමද?
ඔබේ
බ්ලොගයට
පැමිණෙන
විසිටර්ස්ලා
ගණන ඔබේ බ්ලොගයේ
ගුණාත්මක භාවය
මත රදා
පවතිනවා.කිසියම
විසිටර්
කෙනෙක් ඔබේ
බ්ලොගයට ආපු ගමන්
ඔහුට සිත්
ඇදගන්නා සුලු
පෙනුමකින් බ්ලොගය
තියෙන්න ඕන.ඒ
කියන්නේ හොද Template එකක්
භාවිතා කරන්න
ඕන.ඒ වගේම එහි
අන්තර්ගත ලිපි
තමාගේම විය යුතු යැයි
මගේ මතය.මොකද
එම ලිපි
කියෙව්වාම එහි
හරයක් ඇති
බවත් ඉදිරියේදී තවත් හරවත්
ලිපි පල විය
හැකි නිසා
නැවත මම මේ බ්ලොගයට
පැමිණිය
යුතුය යන ආකල්පය
විසිටර් තුල
ඇති කිරීමට ඔබ
සමත් විය යුතුය.එය
කිරීමට නම්
හොද ලිපි ලියන්න ඕන.ඒ
වගේම
බ්ලොගයක්
පටන් ගත් විගස
අපි Traffic
Sources Build කරන්න ඕන.
13.Traffic Sources Build කරන්නේ
කොහොමද?
A.සෙවුම්
යන්ත්‍ර වෙත
ඔබේ බ්ලොගය
ඇතුලත් කිරීම.
B.සමාජ ජාලා
වෙබ් අඩවි වල
ඔබේ බ්ලොගය ප්‍රචාරණය.
C.ඔබේ බ්ලොගය
සින්ඩිකේටර
වෙත ඇතුලත්
කිරීම.
මීට
අමතරව ගොඩාක්
ක්‍රම
තියෙනවා.ඒ ගැන
අපි
ඉදිරියේදී
කථා කරමු.
14.සිංහල
බ්ලොග් වලට Adsense
දෙනවාද?
සිංහල
බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත.ඒ අනුව
ඔබ Adsense
ගිණුමක්
සාදා ගැනීමට
අවශ්‍ය නම් ඔබ
විසින් ඉංග්‍රීසියෙන්
බ්ලොගයක්
ලිවිය යුතුයි.
15.Adsense ගන්න
මාස 06කට
වඩා පැරණි
බ්ලොගයක්
තිබිය යුතුද?
නැත.මේක
සීඝ්‍රයෙන්
පැතිර ගිය කට
කථාවක් පමණි.එම නිසා
ඔබේ බ්ලොගයේ
ගුණාත්මක
භාවය හොදයි
නම් ඔබට ඕනම
අවස්ථාවක Adsense ගිණුමක් ලබා
ගත හැක.
16.ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකක තිබිය යුතු දෑ හා නොතිබිය යුතු දෑ මොණවාද?
මෙච්චර කල් මම එක එක කුණුහරුප කිව්වා.ඒත් තේරෙන්නේ නැහැ.පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකේ තියෙන්න ඕන සහ නොතියෙන්න ඕන දේවල් ගැන තියෙනවා.ඉංග්‍රීසියෙන් තියෙන්නේ.
16.ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකක තිබිය යුතු දෑ හා නොතිබිය යුතු දෑ මොණවාද?
මෙච්චර කල් මම එක එක කුණුහරුප කිව්වා.ඒත් තේරෙන්නේ නැහැ.පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න ඇඩ්සෙන්ස් ලැබෙන්න නම් බ්ලොග් එකේ තියෙන්න ඕන සහ නොතියෙන්න ඕන දේවල් ගැන තියෙනවා.ඉංග්‍රීසියෙන් තියෙන්නේ.
දැන් තේරෙනවා
ඇතිනේ Adsense ගැන.මම
දකින ආකාරයට
ඔබ කිසිම
කෙනෙක්ගෙන් Adsense ගිණුමක්
මිලදි ගත යුතු
නැහැ.ඔබ කළ යුත්තේ ඔබේම Adsense ගිණුමක්
සාදා
ගැනීමයි.මොකද
ඔබම Adsense
එක්ක ඔට්‍ටු වෙලා කිහිප
වතාවක් Adsense Disable කරගෙන
නැගිට නැගිට
යන කෙනා තමා
ජය
ගන්නේ.එම
නිසා කාටවත්
සල්ලි ගෙවලා
ගිණුම් හදා
ගන්න ඕන
නැහැ.සල්ලි
දීලා ගිණුම්
හදාගෙන Disable වුණාම Adsenseට බැනලා හරි
යන්නේ නැහැ.ඔබ
මේ සියල්ල කියවලා එකතු
කරගන්නා
දැනුම තුලින්
අත්දැකීම්
එකතු කරගන්න
ඕන.ඒ සදහා ඔබ Adsense එක්ක ඔට්‍ටු
වෙන්න ඕන.
Subscribe to:
Comments (Atom)